About us Sri Lanka - Pan Asia Banking Corporation

අපි ගැන

පෑන් ඒෂියා බැංකුව ගැන

Pan Asia බැංකුවේ සාර්ථකත්වයේ රහස වන්නේ මූල්‍ය වත්කම්, ජාත්‍යන්තර නිෂ්පාදන සහ සේවා සැපයීම මෙන්ම සෑම පාරිභෝගික ගනුදෙනුවක් කෙරෙහිම පවතින සජීවී වටිනාකමයි. ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස පෑන් ඒෂියා බැංකුව ප්‍රථමයෙන්ම තාක්ෂණික වේදිකා හරහා ණය හා අද්විතීය නිෂ්පාදන සහ සුපිරි බැංකු සේවා සපයනු ලබයි. බැංකුව සැබෑම ශ්‍රී ලාංකික බැංකුව ලෙස සිය සන්නාම ස්ථාන ගත කර ඇති අතර එහි සත්‍යතාවය පසක් කරමින් අභිලාෂකාමී, ඵලදායි , ගෞරවනීය සිය සම්ප්‍රදායික වටිනාකම් ඉහළ නංවමින් අද්විතීය කීර්තියක් සහ සංස්කෘතියක් බැංකුව තුළ වර්ධනය කර ඇත.

සුරක්ෂිතභාවය සහ මූල්‍ය වත්කම් මගින් ගනුදෙනුකරුවන් සමෘද්ධිමත්භාවය වෙත කැඳවාගෙන යාමට අත්වැලක් වෙමින් බැංකුව හා බැඳී සිටින මහජනතාව බැංකුවේ ජීවනාලියයි.

බැංකුව මූල්‍ය කාර්ය සාධනය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව මගින් ස්ථාවරත්වය ගොඩ නගාගෙන ඇත. එය ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුවක් නැගී සිටීමට හේතු වී තිබේ. පෑන් ඒෂියා බැංකුවේ වර්ධනය සහ අවදානම පිළිබඳ විචක්ෂණශීලිභාවය බැංකු ක්ෂේත්‍රයේ වඩාත්ම අභියෝගාත්මක වසර තුළ පවා බැංකුවේ නව්‍යකරණයේ සහ වර්ධනයේ කොඳු නාරටිය ලෙස ශක්තිමත්ව සේවය ලබා දී ඇත.

පෑන් එශියා බැංකුවේ සමෘද්ධිමත්භාවය එය සේවය කරන ප්‍රජාවන් සමඟ නොවෙනස්ව බැඳී පවතින අතර, තිරසාර ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය කිරීම සහ ප්‍රජාවන් නඟා සිටුවීම සඳහා අර්ථවත් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති හරහා අභියෝගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට ඔවුන්ට උපකාර කරයි.

ලියාපදිංචි අංක

PQ 48

ශ්‍රේණි ගත කිරීම

Fitch Rating BBB(LKA) Stable Outlook

 

Swift කේතය

PABSLKLX

Sri Lanka Deposit Insurance Scheme Certificate

We are a registered member of the Sri Lanka Deposit Insurance Scheme, protecting eligible deposits up to Rs. 1.1 Million per depositor.

Deposit Insurance Scheme

We are a registered member of the Sri Lanka Deposit Insurance Scheme, protecting eligible deposits up to Rs. 1.1 Million per depositor.

Deposit Insurance Scheme

Your financial security is our priority. We are a registered member of the Sri Lanka Deposit Insurance Scheme. Explore the official Central Bank of Sri Lanka (CBSL) guidelines to understand how your deposits are protected up to Rs. 1.1 Million.

ඉක්මන් සබැඳි

මෙවලම් සහ කැල්කියුලේටරය

අන්තර්ජාල බැංකුකරණය

ශාඛා ජාලය

අයදුම්පත්

විනිමය අනුපාත

විද්‍යුත් ප්‍රකාශන

අන්තර්ගතය වෙත යන්න